top of page

DRAMA

වේදිකා නාට්‍ය-1985

පරවේණි-

පරවේණි ගැනඅදහසක්

පරවේණි ගැනඅදහසක්

     ජගත්  මාරසිංහගේ පරවේණි නාට්‍යය නිවැරදි මගක් ඔස්සේ  දිගු ගමනක් යාම පිණිස තබන ලද නිවැරදි මුල් පියවරක්  සේ සැලකිය හැකිය. පහත  සදහන්   කරුණු  මීට සාධක  සමහරකි. ඔහු නාට්‍ය කරනයට බටුයේ නාට්‍යයක් කිරීමේ හුදු අශාව පමණක්  පෙරදැරි කරගෙන  නොවේ. නාට්‍යක් කිරීමේ භාරදූර  කම වටහා ගත් ඔහු පළමුව ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයන් සහ විද්‍යාර්ථීන් මෙහෙය වූ නාට්‍ය පාඨමාලාවක් හදාරා නාට්‍ය යනු කවරේද වේදිකාව භාවිතා කරන්නේ කෙසේද  යන කරුණු ගැන මුලින්ම අවබෝධයක්  ලබා ගත්තේය. එසේම අද නාට්‍ය කලාව පරිහානියට ඇද දමමින් වේදිකාව මත හුදු හාස්‍යය මතු කිරීමත් කතන්දර ඇදබෑමත් තුලින් වඩා ජනප්‍රිය බවට පත්කළහැකි නාට්‍ය වැඩි වශයෙන් බිහිවන ප්‍රවනතාවක් පවතින මෙකල ඉන්මිදී  කාලීන වශයෙන් වැදගත් කමක් ඇති තේමාවක් තුලින් සමකාලීන යතාර්ථය දෙසට ඉගියක් පෑමට ඔහු පරවේණි’නාට්‍ය තුලින් පෙළඹී ඇත.

    සත්‍ය සහ සාරාර්ථ පදනම් කොටගත් දර්ශනයක් ඹස්සේ ජීවිතය පිළිඹද නිවැරදි ආකල්ප මත පිහිටා දිවි ගෙවීමට හෝ එවැනි දර්ශනයක් ඔස්සේ සමාජයේ ඉදිරි ගමනට වැඩදායක  වන කිසියම් බුද්ධිමය මෙවරක් කිරීමට හෝ උත්සාහ ගන්නා පුද්ගලයන් කුණු කූඩයට විසිකර දැමීමට පෙළෙඹන යුගයක් අද උදා වී තිබේ. ආචාර ධර්ම සමාජ සම්ප්‍රදාය සමාජ සාධාරනත්වය ආදී සියල්ල පසෙකලා හුදු ආත්මාර්තකාමී අපේක්ෂා වන් මුදුන් පමුණුවා ගැනීමට ඕනෑම ජඩ වැඩක නියැලෙන පුද්ගලයන් තරඟ කාරී සමාජය තුලින් ඉසිමතුවී  එනු අද දැකිය හැකි ප්‍රවනතාවයකි.

    මෙවැනි තත්ත්වයක් පවතින අද්‍යතන සමාජයට වැඩදායක වූත් කාලීන වශයෙන් වැදගත් කමක් ඇත්තා වූත් තේමාවක් යටතේ සිය ප්‍ථම වෙදිකා නාට්‍යය හැඩ ගැන්වීමට මාරසිංහ ගත් උත්සාහය පැසසිය යුතුය.

රන්ජිත් ධර්මකීර්ති

 

හෝම් කමින්- 

bottom of page