ආදරය කියන්නේ මාරයි බං (මාරස)
*************************
ආ එදා මැගසිමේ හිරගත වී සිටි අපි මැගසිමේ නාට්‍ය කළ මාර පොරක් තමා ක්වින්ටීන් ප්‍රනාන්දු කියන්නේ. කෙසේ හෝ 1987 හිරගෙවල් කඩාගෙන ගියා. ඊට පස්සේ නිදහස් උන අයත් ජීවත් වූ අයත් හෙව්වේ කවුද මැරිල තියෙන්නේ කියලා.
මමත් හිතුවේ කුවින්ටත් මැරිලා ඇති කියලා. ඌත් හිතුවේ එසේ විය හැකියි. මේ අපි දෙන්නගේම විශ්මිත දරුවො එකතු වූ මොහොතක්
මළමිණී දෙකක් හමුවෙලා වගේ. ඒදා බයෙන්. අද අපේ කියන චූටි හැඟීමක් සමග වගේ. ලස්සනම කාරනය මේ ඒකගේ දුව දරුවෙක් හුරතල් කිරීමේ යට ගිය දවසේ විශ්මිත ආදරයයි.ඔව්. කුවින්ටස් මචන්. නිවාඩු ලැබුන සැනින් ඉතා හොඳින් කුණුහරුපෙන් බණින සහ ආදරයට අඬන මාරයාව බලලා යන්න ආව. නාවත් උඹේ යුතුකම කරල තියනවා තමා. කියන්න දෙයක් නැහැ. නුඹ යන වෙලාවෙදි මට තෑග්ගකට දෙන්න තිබ්බේ උනුම උණු කඳුලක් විතරයි.
ඒ මචන් අපේ අතීතයේ සතුටු වෙන්න දුන් සුළු මොහොතක් තමා උනත් අපි දෙන්නට ඒක මචන් මාරයි. ඒක කියන්න වචන නැහැ
මේ අවසානයට දාන සින්දුවේ තියනවා මලක් නම් නුඹ මලක් විය යුතුයි කියලා.
මචන් දේශපාලනය මොක උනත් උඹ මට මිත්‍රත්වයේ මලක් තමා බන්
අපි අපිට ආදේශ කරන් මේ සින්දුව අහමු බන්. බෝනස් එකට හරි අපේ මිත්‍රත්වය මාරයි බන්. නුඹ සිරගෙද බාගෙට ඇඳන් සිටි කොළපාට සහ චොකලට් පාට සරොම් තාම තියනවාද අහන්නේ නැහැ. ඒවා අපේ ඔළුවේ තියනවා මචන්.
ආදරෙයි.
තමන්ගේ සිහිනයක් හෝ වේවා ජනතාවගේ සිහිනයක් හෝ වේවා හැඩවෙණ බලු නද බලන්න මට අවස්ථාව හමුවුනේ නැහැ. නමුතු ඒ ඉවර උන ගමන්ම ඒ නාටකයේ ආදරය අරන් උඹ අපිව බලන්න ආව මචන්. බෝනස් එකකට හරි ජීවත් වෙමු. අඬවන්න එපා මචං කම්බ්රේට්.
මම මීගමුවට එන්නම් උඹගේ හදවත කලාවෙන් බලන්න බන්. නමුත් මාරයා ඒක බලලත් ඉවරයි බන්.
Comments