top of page
Search

Love in the 80s - මිතුරන්ගේ ආදර-

මම අසූව දශකයේ කොල්ලෙක් කියලා කිව්වට මාර දුකක් වින්දේ අසූව දශකයේ උන් විතරක් නොවේ. හැම දශකයක්ම මාරයි තමා. හැම රටක්ම මාරයි තමා. අහිංසක පෙරේරාව මට මතකයට එන්නේ සමහර විට එක්ස් කණ්ඩායම හරහා වෙන්න ඇති. නැතිනම් සමිතා කියන මගේ ඒ කාලයේ යෙහෙලියක් නිසා වෙන්න ඇති. නමුත් ඒකා පරිසර පද්දතිය නොවේ මොකක්ද දයලෙක්තිකයක් හොයන් ගමනක් යන බව මා විතරක් නොවේ කවුරුත් දන්නවා. ඒකා 1966 ඉපදුන වෘෂභ ලග්න කාරයෙක් . නමුත් මම 1961 ඉපදුන් වෘශ්චිකයෙක්. ඒකා ගොනා. මම ගෝනුස්සා. නමුත් කෙලින්ම මම දකින්නේ මේකා මගේ මල්ලි කෙනෙක් වගේ. දේශපාලනිකවනම් ගොඩක් කතන්දර තියනවා. මම කෙලින්ම ලගුකරනවා දේශපාලනික මල්ලියෙක් මාව බලන්න ඇවිත් වැරදියට හරි හරියට හරි සින්දු කියලා මාව අඬවනවා. මනෝ ඉතින් ඒක පිටපත් කරන්. ඒක දාන්නේ ඉතා ආදරයෙන්. 61 මාව බලන්න 66 කොල්ලෙකු ආපු ගමන්ම මට ඇඬුනා තමා. ඒක තමා ජීවිතය. නැහැ ජීවිතයටත් වඩා දෙයක් තියනවා . සැබෑ මිත්‍රත්වයේ ආදරය. ආදරෙයි මචන්. වෙන කියන්න වචන නැහැ . මේ සලරූ වල වචන ඇති.


 
 
 

Comments


bottom of page