අරක්කු සිගරට් බීඩී වල මිල වැඩි කර රාජ්‍ය අය වැය පියව ගන්නවා කියන්නේ මාර හිඟන කතන්දරයක් බව මාරස 2000 කැතකතුන් පොතේ මධුලෝලත්වයේ ව්‍යාකරණ අර්භුධය කියන ලිපියකින් කිව්වා. උපුල් සාන්ත සන්නස්ගලට නොයෙක් නාම විශේෂණ තිබ්බත් මාරසටත් ප්‍රථමව මාරයා ඌට ආදරේ තැන් ගොඩක් තියන බව කියලා තියනවා. කෙලින් කියනවානම් මම ඒකාගෙන් හිඟා කන්න ගියේ නැති බව ඒකා දන්නවා අනිවා. ඒකා ගැහැව්ව ඒ පොත විකිනී හමාර වුනේ 2018 දී. කිසිදු ප්‍රකාශකයෙක් ඒක ආයේ ගහන්න බාර ගත්තේ නැහැ. පොත් ප්‍රකාශකයන්ගේ ආධිපත්‍ය සහ ප්රකාශනය කරන ආකාරය මාරස ඉඟි දීලා ඇති. ඉතිරිය නම් වශයෙන් ලියන්නේ නැත්තේ ස්ත්රීන්ට අපහසයක් වන නිසා බව පමණක් කියන්න ලෑස්තියි. එදා සංහිඳ ප්‍රකාශකයන් වන සන්නා ප්‍රකාශයට පත්කළ කැත කතුන් පොත ජාතික පුස්තකාල මණ්ඩලයේ ප්‍රකාශය කරනකොට ඒකේ දේශනය කළ දීප්තියා මේ බව ප්‍රකාශ කලා. අධිකාරී මාක්ස්වාදී සංවිධාන වල තියන කෙලින් කියනවානම් බලය සම්බන්ධ විකාර නිසා මොක උනත් අද එදා මධුලෝලත්වයේ ව්‍යාකරණ හරහා ආණ්ඩුවේ හිඟන වැඩ ගැන කිව්වා හරි නේද? අද ගල්බෝතලයක් 3000ක් වෙන්න ආසන්න ගානක් කරලා. අර ඒ කාලේ බාටා වගේ 200ක් නොවේ 199 ක්. හිඟන ආණ්ඩු නොවේ හිඟන මුදල් ඇමති වරුන්ටත් හපන් හිඟන වාමාංශික වේසිගේ පුතාලා කියලා කෙලින් කිව යුතුයි. උන්ට තියෙන්නේ ත්‍රී පිටකයේ නැති වික්ටෝරියන් රැජිනට මල් මාලා දාලා අදහන්න පල්ලි හදාගන්න එක පමණයි විදර්ශනය කියලා කෙලින් කියනවා.
මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියල්ලෝම බොන කන උන් බව නොදන්නේ කවුද? ලැජ්ජ නැතිද බන් අරක්කු බද්දෙන් නොවේ මිනිසුන්ගේ ගැහැනුන්ගේ තියන විනෝදකාමී බද්දෙන් ආර්තික අය වැය පාලනය කරන්න. අනෙක අර මහ පාරවල් වල නඩු ගන්නවා වගේ සියයට හතලිස් අටක් ගණිකාවන් ඇත කියලා කියන රාජ්‍ය සංඛ්‍යාලේඛන අනුවම ඒ ගෑනුන්ගෙන් දඩ ගහන්න. ඉස්සර ගණිකා මඩමක් කියන්න මාරස කැමති නැහැ. මිනිසුන්ගේ ආදරය බෙදන තවත් තැනක් කියලා කෙලින්ම කියනවා. නමුත් අද ගණිකාව කියලා නීතියම නම් කරන ගැහැනිය විතරක් නොවේ පිරිමියාවත් අරන් ගිහින් උසාවි දානවා. නීතියේ නැම්මක් වගේ ඒ කියන්නේ ගැහැනිය සමග කුමන්ත්රනය කළා කියන නීති වචන කීපයක්.
නීතිය සම්බන්ධව කියන්න තියෙන්නේ "සාධාරණ නීතියක් " කියන වචන දෙක පමණයි. පුරවැසියන් කියන මහා සීලවන්ත මහත්මා මහත්වරුන් සහ නෝනලා දැන ගත යුත්තේ ඒ අහිංසක ගැහැනුන්ට සහ පිරිමින්ට ගහන දඩයෙන්ද රජයේ අයවැය ලේකනයෙන් තොපද නඩත්තුවන වගයි. මොනවාද අනේ මැද පන්තියේ වැදගත් කම්. පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙන කතා මාරසින් තව දුරටත් ලියැවෙයි. අහිංසක ගැහැනුන්ගෙන් සහ රත්පිත් උන්මාද නැතිනම් ඩිප්ප්‍රෙෂන් වලට ඇල්කොහොල් ගන්නා අහිසක ආතල් සහ රෝගී උන මිනිසුන්ගෙන් බදු ගහන හිඟන ආර්ථිකයට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මන්ඩලයද වග කිව යුතුයි. ඒකේ සීනි නොකා කවුරුවත් කැම්පස් වලින් ඒලියට ගියෛ් නැහැ. උන් වීදුරු කාඹර වල සිට රතු කමිස ගලවා දමා අද මේ කරන මේ විකාරය කුමක්දැයි උන්ගෙන් නොව කෙලින්ම ජනතා විමුක්ති පෙරමුනේ නායකයන්ගෙන් සහ අර පෙරටුගාමී කියන උන්ගෙන්ම අසන්නට මාරසට අයිතියක් ජීවිතෙන්ම තිබෙන බව දන්නවාද?
රනිල්. ධනේශ්වර නායකයෙකු වශයෙන් ඔයා වරද්දා ගත්ත පළමු තැන තමා අර විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට ගහලා නගර සබා බිල්ඩිම ඉදිරියේ අහිංසක කෙල්ලෙකුට පොලීසිය මුගුරු අමෝරා ඉන්න පොටෝව. දැන් ඔයා අනා ගන්නේ අරක්කු බදු වැඩි කරලා. නිකන් ඒකට කියන්න කතා නැහැ. එකම එක කතාවයි තියෙන්නේ . ඔයාලා වගේ අයට ලැජ්ජා නැහැ කියා අප දන්නවා. මේ ඔයාලාගේ වචනයෙන් වේසියන් සහ බේබද්දන්ගේ දඩෙන් ජීවත්වෙන මධ්‍යම පන්ති මහත්වරුන්ට ඊටත් වඩා ලැජ්ජා නැතිද. යට ඇඳුමක්වත් තිබෙනවාද කියා කෙලින් අහනවා. තව දුරටත් උත්තර දෙන්න මාරස ලෑස්තියි. මිනිස්සු මිනිසුන් විදිහට ජීවත් වෙයල්ලා. තව දඩ ගහපල්ලා. නුඹලා සන්තෝස වෙයල්ලා. නමුත් බුදුනුවන් ජීවමාන බව ඉතා කෙටි කාලයකින් වැටහේවි. ඒකට සර්කානි සූතුර ඇවැසි නැහැ. ආදරය විසින් ජනාධිපතිලාට නොවේ ඒ බදුමුදලින් සැප ගන්නා අපේ මැද පන්තියේ මහත්තුරුන්ට සහ පරංගියන්ට උත්තර ලැබේවි. මිනිස්සු කියන්නේ දේශපාලනයේ ආදරය විතරක් නොවේ විමුක්තියේ සටන් කරුවන්.
コメント