මොනරු කොහොමත් මෙහෙම තමා. සෙබඩලත් එහෙම තමා. නිකන් අෂ්ටලෝක ධර්ම චක්‍රයෙන් මතුවන කාම චක්‍රය වගේ. ඒ ජීවි ද්‍රව්‍යන්ගේ පැවැත්මේ හැටි. නමුත් මේකම තමා නිල් චිත්‍රපට වලත් තියෙන්නේ. අදනම් මේ ඡායාරූපය ගැන අඩුවක් තියනවා. මොකද අද පශ්චාත් නූතන වාදී විදිහත් සමග සංකල්පීයව උඩ ඉන්නේ මොනරා නෙවේ සෙබඩ. ලංකාවෙත් කොල්ලන්ට කුකුල්ලු කියන්නේ නිකන් නෙවේනේ. ස්ත්‍රී වාදය විසින් දිනාගත් දේ ගොඩයි. ඒවත් සමගත් නූතන ආර්තික විදිහ නිසාත් නව ලිබරල් විකාර නිසාත් අද මිනිස් මොනරාට ඒ නැටුම නටන්න බැහැ. මොකද සෙබඩ තමා උඩින් ඉන්නේ. එකිලාට හැකියි එක පොලිස් ඇන්ට්‍රියකින් මිනිහාව රිමන් කරන්නත්. පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙන්නේ නැහැ. මයුරා වන්නම නැවත ලියන්න හිතෙනවා. මොනරා කියන්නේ සූර්ය සංකේතයක්. මාරස ලිව්වා අහස කොහොමත් කලුපාටයි කියලා පෝස්ටුවක්. සියල්ල නිශ්ශබ්දයි. අහසේ තියන සූර්යා සුදුපාටයි කියලා එකේ පරාවර්ථිත ආලෝකයෙන් තමා වර්ණ හතකට කැඩෙන්නේ කියලා අයිසෙක් නිව්ටන් කියන්නත් කලින් අපේ මිනිසුසු දේදුන්න දැකලා තිබ්බා. ඒකත් එක්ක වගා කළා පමණක් නොවේ රමණයේත් යෙදුනා තමා. හේතු වාදීන් වැඩක් කළා වගේම එක පැත්තකින් මිනිස් ආධ්‍යාත්මය විනාසම කරලා දැම්මා. බර්ටන්රසල්ට නිසි උත්තර රාමනුජන් දීල තියන නිසා ඒ ගැන මොකුත් ලියන කතා සෙස්ස පස්සට තියන්නම්. හැබැයි සෙබඩලාට නොවේ සෙබඩලාව ඉදිරියට දාගෙන කරන මේ වෙළද ප්‍රචාරණ යුගයට එක දෙයක් කියන්න වෙනවා. පවුල පෞද්ගලික දේපල කුමන තත්ත්වයකින් විග්‍රහ කළත් ප්‍රොයිඩ් මොනවා කිව්වත් සෙබඩ උඩ හිටියත් යට හිතියත් මොනරා නැත්නම් කුකුල්ලු මෙහෙම තමා. සෙබඩලත් මෙහෙම තමා. ආදරෙයි බන් උඹලගේ මේ රංගනයට. නමුත් මතක තියා ගන්න අපට මොනරා ලස්සනයි කියලා පෙනුනනට මොනරාට ලස්සන අපට ලස්සන නැති සෙබඩට කියන ආදරය.
තනෙන තන තන, තනෙන තන තන, තනෙන තන තානා තිනෙන තින තින, තිනෙන තින තින, තිනෙන තින තීනා
කවිය :
සතර සිව්වර බලැති දිඩතර - සුරිඳුනේ කදි රා කතරගම පුර සුරිඳු වාහන කරති රණ මොන රා
පතර තෙදගම් බිර සතට සෙත වේල අවිය ද රා නොහැර ඉසිවර යෙදුව මෙමයුර මර්ණකර මයු රා බෙර මාත්‍රා: දොංතක දොංතක දො ජිං - (ගත්තක ජිගත ) කස්තිරම: තහර්ජිත් ගතකුං තකජිංකුඳ - තහර් ජිත් ගත තරිකිට කුකුඳන් තා - සීරු මාරුව : ජිකු තක ජිජිකුඳ ගජිත දොද් දොංගඩ කඩතක කුකුඳන් කුඳං, කුඳන්තාකුදං, කුංඳතා - කුංඳ කුඳං තාග් තජිත් තක තරිකිට කුං දං ගජ්ජිත් කුංතක තරිකිය කුං දං තා - අඩව්ව: තහර්ජිත් ගත කුංතක, ජිංගත, ගජ්ජින්ගත තරිකිට කුංදං තහර්ජිත් - තහර් ජිත් ගත කුංතක ජිංගත, ගජ්ජින් ගත තරිකිට කුකුදන් තහර්ජිත් - ගත්තක, ජිගත - තහර්ජිත්, තහර්ජිත් තහර්ජිත් ගත්තක, ජිගත- තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත් ගත්තක ජිගත - තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත්, ගත්තක තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත්, තහර්ජිත් - / ගත්තක ජිගත ජෙජ් ජෙං කුංදං තහර්ජිත් -
Comments