top of page
Search

මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශය

මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

වෙනත් රටවලට මෙය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස් වූවද ලංකාවට මෙය දිස් වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බව වැඩිදුරටත් සඳහන් වෙයි.

නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48ට චන්ද්‍රයා උදා වීමත් සමඟ මෙරට වැසියන්ට එහි අවසාන කොටස පමණක් අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වනු ඇත.

අද පස්වරු 5.48 සිට 6.19 දක්වා විනාඩි 31ක කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය දිස් වෙයි නැකැත් සෑදීමේදී ග්‍රහනෝත්පාත දෝෂ ශුද්ධිය යනුවෙන් කරුණක් ගැන ඉගැන්වේ. මාධව සහ වෘහස්පති යන සෘෂිවරුන්ගේ මතවලට අනුව ග්‍රහණය සිදුවන දිනයන් සහ ඊට පෙර දින තුනත් සහ පසුදින තුනක් යන දින 07ම ශුභ කටයුතු වලට යොදා නොගත යුතුය. ඒමෙන්ම ග්‍රහණය ග්‍රහණය සිදුවූ රාශියත්, නැකතත් , ග්‍රහණය සිදුවන දිනට පෙර දිණ හතක් සහ පසු දින හතක් ඇතුළුව දින 15ක් කිසිම ශුභ කටයුත්තකට යොදා නොගත යුතු බව ජ්‍යෝතිශ්ශාස්ත්‍රීය ආචාර්යවරුන්ගේ මතයයි.




 
 
 

Comments


bottom of page