top of page
Search
Writer's pictureJagath Marasinghe

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 85 වන ජන්ම දිනය දා

Updated: Dec 4, 2022



මීට වසර විස්සකට පමණ පෙර ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ රජයේ චිත්‍රපට අංශයේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 85 වන ජන්ම දිනයේ කෙටි චිත්‍රපයෙන් ගත් වැදගත් ඡායාරූප කීපයක් නිම නොකළ අතීත මාරස ගොනුවක තිබී හමුවිය. මේ එදා එදිරිවීර සරත් චන්ද්‍රයන් වික්‍රමසිංහයන්ට සුභ පැතූ අයුරු ඒ බොඳවී ගිය චිත්‍රපටයේ තිබි අයුරුයි. ‌ඔබ දෙදෙනාම දැන් ජීවතුන් අතර නැති බව සැබෑවකි. එහෙත් අපේ හදවත් තුළ පමණක් නොව මෙවන් එකතු කිරීම් තුළද මාරස අතීත සටහන් ගොනු එකතු කිරීම් වලද ඔබ දෙපල තවමත් ජීවතුන් අතරය.






මීට වසර විස්සකට පමණ පෙර ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ රජයේ චිත්‍රපට අංශයේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 85 වන ජන්ම දිනයේ කෙටි චිත්‍රපයෙන් ගත් වැදගත් ඡායාරූප කීපයක් නිම නොකළ අතීත මාරස ගොනුවක තිබී හමුවිය. සංරක්ෂණයෙන් තොර ‌මේ වාර්තා සිනමා පටයේ මේ එදා ගුණදාස අමරසේකරයන් වික්‍රමසිංහයන්ට සුභ පැතූ අයුරු ඒ බොඳවී ගිය චිත්‍රපටයේ තිබි අයුරුයි. ‌ඔබ දෙදෙනාගෙන් අද ජීවතුන් අතර ඉන්නේ අමරසේකරයන් පමණි. එහෙත් වික්‍රමසිංහයන්ද සංකේතිව අප හදවත් තුලින් මිය ගොස් නැත.

මීට වසර විස්සකට පමණ පෙර ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ රජයේ චිත්‍රපට අංශයේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 85 වන ජන්ම දිනයේ කෙටි චිත්‍රපයෙන් ගත් වැදගත් ඡායාරූප කීපයක් නිම නොකළ අතීත මාරස ගොනුවක තිබීල හමුවුනා. ඒ ජන්මදින සැමරුමට මහගම සේකරයන්ද ගිහින්. ගිහින් ඔහු වික්‍රමසිහයන් දෙස අනර්ග වස්තුවක් දෙස බලාගෙන ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා. ඒ බැල්ම මාරයි. ආචාර, සමාචාර, ආදරය, කරුණාව, සතුට, කඳුල හැම දෙයක්ම ඒ බැල්මේ තියනවා වගේ . මොනවට බදා ගෙන සිඹගෙන ආචාර කරන්නද? ශරීර විද්‍යාව කියන්නේ වෙනම විශ්මිත කතන්දරයක්. කොටින්ම සේකරයන්ගේ නිර්මාණ සියල්ලම කැටිකරගත් රූප කායකුත් එයාට තිබුන වගේ අපටත් දැනෙනවා. මේක ඒ බොඳවූ වාර්තා චිත්‍රපටයෙන් කොපි කරගන්නනම් ටිකක් මහන්සි වුනා වගේ මතකයි. දෙදෙනාම අද තම ජීවිත වලින් සමුඅරන්. ඒත් මේ දෙදෙනාව සේකරයන්ගේ බැල්මෙන්ම අප මලදාටවත් අමතක වෙන එකක් නැහැ වගේත් දැනෙනවා. ඒ ගැන කියන්න මාරස ශබ්ද කෝෂයත් අපොහොසත් වගේ. ඔයාල මියගියත් ඒ සොහොන් කොත් වල කවි ලියන්න මාරසටනම් කිසිදා නොහැකි ඒ නිසා වෙන්න ඇති.


මා මළ දවසක සීතල මළ කඳ ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන දෙතොලින් දෙතොලට උණුසුම් පණ පිඹ මේ පොළොවෙම මා යළි බිහි කළ මැන


මවුනි පොරන ඔබ රනවිරු දරුවන් වැළැලුණු මේ මිණි දෙරණේ ඔවුනගෙ සිරුරත ලේ මස් නහරිනි මගෙ හදවත පණ ගැහුණේ


උපතින් දිවියෙන් මරණින් එක ලෙස ඔබ ගෙන් මා ලද උරුමේ මේ පස මත මා පා ගැටෙනා කල දිවියෙහි බර මට නොදැනේ


මා මළ දවසක සීතල මළ කඳ ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන දෙතොලින් දෙතොලට උණුසුම් පණ පිඹ මේ පොළොවෙම මා යළි බිහි කළ මැන


පද රචනය : - මහගම සේකර ගායනය : - එඩ්වඩ් ජයකොඩි සංගීතය : - එඩ්වඩ් ජයකොඩි https://youtu.be/oFiavLUgU6U https://bit.ly/3Vu1K5f

33 views0 comments

Comments


bottom of page