top of page
Search

මාරස සයිබර් වීදි රස්තියාදුව

සයිබර් වීදි දිගේ යනකොට ඔබට ඔබව හමුවේවි. ඊ පවුර කියන්නේ එක් වීදියක් පමණක් බව සිතේවි. සිත විකසිත වේවි. සමහර විට සසර කලකිරේවි. තවත් සමහර විට විප්ලවය ගැන නව අදහස් මතු වේවි. ආදරයයි වෛරයයි අතර අතරමං වේවි. කොහොම නමුත් ඔබට ඔබව හමුවේවි. අඩියක් ගහල ගියත් කාරි නැත. ජොයින්ට් එකක් ගහලා ගියත් කම් නැත. නිකම්ම නිකන් සිල් අරගෙන ගියත් කම් නැත. මේ ඔබ උදේ හවස ඇවිදින වීදියමය. අපි දකින වීදියමය. අප දැක්කා කියා කියන්නට බයක් ඇති නිසා නොදකින වීදියේ මහා පොදු සාධකයයි. මහත්තරුද, පාදඩයෝද, ගනිකාවෝද, පිංපියෝද, විවිධ පූජකයෝද, පල්ලි පන්සල් කෝවිල් සහ දේවස්ථානද, අරුම පුදුම විප්ලව වාදීන්ද, ඡායාරූප ශිල්පියෝද, තැබෑරුම්ද, රෝහල්ද, පාදඩයෝද ඔබට මුන ගැසෙනු ඇත. සයිබර් වීදි රස්තියාදුව යනු අපි යනෙන වීදියමය. නමුත් සිතන විදිහනම් බොහෝ වෙනස් විය හැක. ඒ රස්තියාදු මානසිකත්වයේ ඇසය. සැබැවින්ම තෙවැනි ඇසක් වීමට හැකිය. මේ මාරසේ වීදි රස්තියාදුවක් නොවන්නේය. පාඨක ඔබේම වීදි රස්තියාදුව වන්නේය.

ජගත් මාරසිංහ

20 07 2023


 
 
 

Comments


bottom of page