ටීරිචඩ් සැන්ඩ්ලර්ගේ ඡායාරූප බලන්න බිඳුණු නිව් යෝර්ක්හි ආත්මය දෙස
වීදියේ සිට සජීවී අභිනයන්ගෙන් ආලෝක දඩයම් කරගත් ආකාරය විශ්මිතය. මාරසට සර්ජි අයසින්ටයින්ගේ සිනමාව සිහිවේ. එයාගේ මහා සිනමා කෘති වලද ප්‍රධාන චරිතයක් නැත. එහෙත් ඇත. එයාගේ සිනමාවේ ප්‍රධාන චරිතය වූයේ ජනතාවයි. වීදි ඡායාරූපකරණයේද ප්‍රධාන චරිතය වන්නේ සජීවී ජනතාවම වන්නේය. මේ සියල්ල අතරින් ඡායාරූප රසිකයන්ට මාරස කිව යුතු දෙයක් තිබේ යැයි සිතේ. ලෝකයේ සියලු විශිෂ්ඨ ඡායාරූප ශිල්පීන් අද වැඩි කාලයක් ගත කරන්නේ වීදි වලය. ඒ පුදුම කට්ටකි. නමුත් සැබෑ නමක් දිනාගත් ඡායාරූප ශිල්පීන් පවා අද හිටින්නේ චිත්‍රාගාරවලටත් වඩා කෙලින්ම වීදියේය. වීදියේ ජීවිතය යනු ජීවිතයම වන්නේය. වීදියේ ආලෝක දඩයම් යනු ජීවිතයේ සැබෑව දඩයම් කිරීමම වන වග ඡායාරූප රසිකන්ට සිහිකර දුන්නාම ප්‍රමාණවත්ය. මන්ද ශිල්පියාගේ ආදර දඩයම් වල නියැදි අවකාශය වන්නේ රසිකයන්ය. වීදිය යනු වෙන කාගේවත් ජීවිතය නොව අපේ ජීවිතයයි. නව ගෝලීය වෙළෙඳ සමාජය විසින් කාගේ කාගේත් පුද්ගලික නිවසද වීදියක් බවට ප්‍රාග්ධනයෙන්ම පත්කර හමාරය.
(මාරස සයිබර් රස්තියාදුවේදී Meet the Unsung Street Photographer of 1980s New York පිටුවේ ඇස සිටි අවස්ථාවකට පසු ලියා දමන ලදී)
Comments