#WEB_VIRITHA #MAARASA 1975 අපි විභහග තුනකට මුහුන දුන්නද මන්දා. ඉතා රටට ගැලපෙන විභහගයක් වුන NCGE විභාගයෙන් සමත්වෙලා ආවත් නව නිර්දේශය සාමාන්‍ය පෙළට පස්සේ ආණ්ඩු මාරුවීමෙන් ගෙනාපු නව නිර්දේශය සා/ පෙ විතරක් නෙවේ පැරණි විභාගයත් ගොඩක් අය කලා. අනේ මන්දා ඔලු ඉතිරි වුනාද කියලා. ඒ එක්කම රටම 77න් පස්සේ 80 දශකයට මුහුණ දෙන්න සූදානම් වුනා වගේ. සිවිල් යුද්ධ දෙකකුත් ආරම්භ වුනා. නමුත් මේ දොලොස් දෙනාම ගණිතය අංශයෙන් නොසෑහෙන ජයග්‍රණ ලබා ගත්තා. සමහරු අද ලංකාවේ විතරක් නොවේ ජාත්‍යන්තරයේද මහාචාර්ය ආචාර්ය වරු. පසු පේලියේ දකුනේ අතේ වලල්ලක් දමා ඉන්නේ ඉතින් මාරයානේ. එතැන් සිට දකුනට සරත් කුමාර, එරික් රෝහිත, අජන්ත කරුනාරත්න( හමුදා නායකයෙක් වෙලා එයා අකාලයේ ජීවිතයෙන් සමුගත්තා ) පසුව නිමල් කුමාරසිරි, සුමන සිරි, අස්ගිරියේ ආනන්ද දෙපැත්තේ ඉඳගෙගන ඉන්නේ බර්නාඩ් රෝහන අජිත් සහ කපිල සමරසිංහ. ඉදිරි පේලියේ වමේ සමරනායක. මැද රත්මලානේ විජේරත්න. දකුනේ දූනගහ අබේවර්ධන. මේ සියල්ලම ගණිතයේ පීනුවා. තවත් තිදෙනෙක් මෙතන අඩුයි. අපේ පන්තියේ හිටපු කෙල්ලෝ හතර දෙනත් මෙතන නැහැ. අනේ මම විතරක් හිරගෙදරට ගියාට ගණිතය සම්බන්ධව තාම අවධියෙන්. සියල්ලන්ම මරු කොල්ලෝ ටික. තාම එකතුවෙනවා. මම යනවා අඩුයි. නමුත් මාරයා දන්නවා මේ සියල්ල මාරයාට මාර ආදරෙය් කියලා. සමහර විට මාරයා නාවත් මාරයා කවදා හරි තමන්ව එක්ක යන්න එන නිසා වගේ හැඟීමෙන්ද දන්නෙත් නැහැ. පාසැල් ජීවිතය කාටත් එක වගේ ආශ්වාදනීයයි කියලා මාරස කියන්නේ නැහැ. එක එක යුග වල එක එක විදිහට තමා එහෙම වෙන්නේ. නමුත් ලෝකයේ සෑම පාසැල් මිතුරන්ට වගේම මේව දැක්කම හදවතේ ආදර තන්තු විතරක් නොවේ මොළයේ ස්නායු තන්තුද මැඩලින් ගහලා ඇසට කඳුළු එනවා. මේ ඔක්කොවන්වම මේ දැන් එකට බදාගෙන ආදරෙයි කියල සිඹින්න හිතෙනවා. ඒ අතීත කාමය නොවේ. අතීතය වෙනුවෙන් අනාගතයේ ඇති ආදර සුසරත්වයේ විදිහක්. ඉතින් මචන්, ඉක්මනට හමුවෙමුකෝ ඉස්සර වගේම. අර මළ ගිය අජන්තයානම් ගොඩක් වෙලාවට සිහිනෙන් මාව හමුවෙනවා. අපි ඒකට කිව්වේ පෝල් කියලා. ඒකා මගේ සමරු පොතේ ලියලා තියනවා සන්ඩු වෙවී යාලු වෙවී දුව පැන මිනු නාලන්දේ කියලා පටන් අරන් ලස්සන කවියක්. දකිනකොට දෑස් කඳුලෙන් තෙත් වෙන්නේ නැහැ වියැකිලා නැවත කඳුළු ගලන්න පටන් ගන්නවා. මේවා රොමැන්ටික් කතා තමා. රොමැන්ටික් ඇවැසි වෙලාවට රොමැන්ටික් ඕනා තමා. රොමැන්ටික් අතික්‍රමණය කළ යථාවටත් වඩා අද තවත් දේවල් තියනවා. ඒත් අපේ හදවත් අමතක කළත් කඳුලට සීමා නැහැ. ආදරෙයි. ආදරේ කියන සංකල්පය තියනකන් නෙවේ ඊටත් ඔබ්බෙන්.
මේ මේ ඡායාරූපය ගැහැව්වේ ගම්පහ සීවලී මන්දිරයේ බන්දුල ගුණවර්ධනගේ කොමස් ක්ලාස් එක ඉවර වෙනකන් හිටපු වෙලාවක යට තිබ්බ ස්ටූඩියෝවකින් වගෙත් මතකයි. කල් ගිය නිසා එකිනෙකාට එක එක මතක ඇති. අපි ප්‍රීති හපු ආරච්චි සර්ගේ මැත්ස් ක්ලාස් එකට යන්න බන්දුල සර්ගේ කොමස් ක්ලාස් එක ඉවර වෙනකන් පඩිපෙලවල් දිගේ පාරේ, පෙට්ටි කඩ අසල ඉන්නවා. පිස්සු හැදුන යුගයක්. ගම්පහ කියන්නේ තාමත් ආධ්‍යාත්මික නගරයක්. ටියුෂන් පුරයක් උනත් සොඳුරු නගරයක්. අද උදේ රෝහිත රාජසේකර මාරෙව හමුවෙන්න ආවා. මේ පරණ පොටෝවත් අරන්. අපි දෙන්නා එදා ඉඳන්ම කොහේ ගියත් හමුවෙනවා. සියල්ල ගැන කතා වෙනවා. ඒකා එදා වගේම සින්දු කියන්න දක්ෂයි. ඒක පසුව දාන්නම්.
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ....
කලක මෙහෙන් චුත වෙනවා... එලොව ගිහින් වැජබෙනවා...// පෙලපත නම වෙනස්වෙලා - ආයෙත් මෙලොවට එනවා එහෙම මිසක් කිසිම දිනක - අපි මැරෙන්නෙ නෑ...
සද හිරු තරු...//
හැරමිටියෙන් ඇවිදින්නෝ... අපට එරෙහි වී එන්නෝ...// සීමා මායිම් වැටකොටු මේ කිසිවක් අපට නැතේ වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ... https://youtu.be/Y4pmT9rmro8
Comments